අපගේ දැක්ම

සාමකාමී සහජීවනයෙන් යුතු තෘප්තිමත් ප්‍රජාවකින් හෙබි කොට්ඨාසයක්.

අපගේ මෙහෙවර

කොට්ඨාසය තුළ තිරසාරවූ සංවර්ධන ක්‍රියාවලියක් තහවුරු කරනු වස් ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව සාධාරණව යුක්තිගරුකව හා මිත්‍රශීලීව ඉටු කිරීම සදහා සම්පත් හා ආයතන ඵලදායී ලෙස මෙහෙයවීම හා සම්බන්ධීකරණය කිරීම අපගේ මෙහෙවර වන්නේය

ආයතනයේ විකාශනය හා කොට්ඨාසය පිළිබඳ හැඳින්වීම

උතුරු මැද පලාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි මහවැලි ගඟේ දකුණු ඉවුරු ප්‍රදේශය දිඹුලාගල/ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල බල ප්‍රදේශ සඳහා වෙන් වී ඇත. 1988ට පෙර මෙම ප්‍රදේශය තමන්කඩුව උප දිසාපති කොට්ඨාසයට අයත් එගොඩ පත්තුව නමින් හඳුන්වන ලදී. එහෙත් 1988 ජනවාරි 01 දිනට පසුව දිඹුලාගල උප දිසාපති කොට්ඨාසය නමින් වෙනම පරිපාලන ඒකකයක් පිහිටවූ අතර 1990 දී එය දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස නම් කරන ලද අතර ග්‍රාම නිලධාරි කොට්ඨාස 80කින් සමන්විත විය. අනතුරුව 2000.06.24 දින සිට ග්‍රාම නිලධාරි වසම් 29කින් සමන්විත වූ වෙනම පරිපාලන ප්‍රදේශයක් වශයෙන් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආරම්භ විය.

නැගෙනහිරින් මාදුරුඔය හා මඩකලපුව දිස්ත්‍රික් මායිමෙන්ද, දකුණින් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිමෙන්ද, බටහිරින් මහවැලි ගඟ හා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිමෙන්ද, උතුරින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන්ද මායිම් වූ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 573.75කි.

ශ්‍රී ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවලින් තෝරාගත් ගොවි පවුල් පදිංචි කිරීමෙන් පුළුල් කළ මෙම ගොවි බිමෙන් 1989 වන විට පවුල් 12449ක් වී ඇති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි මුළු ජනගහනය 42700ක් වේ. 

 වසර 30ක් පමණ පැවති යුද්ධය නිමවීමත් සමඟ වර්ථමානය වන විට සීඝ්‍ර සංවර්ධනයක් කරා ප්‍රවිෂ්ඨ වී ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ලෙස වැලිකන්ද ප්‍රාදේීය ලේකම් කොට්ඨාසය හැඳින්විය හැකිය. යුද්ධය නිම වීමෙන් පසු විවිධ අමාත්‍යාංශ යටතේ විවිධ වැඩසටහන් තුළින් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන්වෙමින් පවතින අතර මේ තුළින් ප්‍රදේශයේ යටිතල පහසුකම් මෙන්ම ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්ද ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම විවිධ සම්පත්වලින් සමන්විත ප්‍රදේශයක් ලෙසද මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හැදින්විය හැකිය. ඒ අතුරින් ශ්‍රී ලංකාවේ වැඩිම උෂ්ණත්වයක් සහිත උණුදිය උල්පත් මෙම ප්‍රදේශයේ පිහිටා ඇත. බොරවැව මධ්‍යෙය් පිහිටා ඇති මෙම උණු දිය උල්පත් නැරඹීම දේශීය හා විදේශීය සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් වන බව නිසැකය. එමෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුතු කවුඩාගල නාමල්ගම රජමහා විහාරය, පාරිසරික වටිනාකමකින් යුතු කරපොල විල්ලුව මෙම ප්‍රදේශයේ පවතින වටිනා සම්පත් ලෙස හඳුන්වා දිය හැකිය. 

2000 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

අනු අංකය නම සිට දක්වා
01 එන්.පී.එම්.පී. බෙලිගම්මන මහතා 2000.06.05 2000.09.25
02 කේ.එස්.ටී.එස්. ප්‍රේමචන්ද්‍ර මහතා 2000.09.26 2005.08.30
03 ඒ.ඒ.ජී. හුණුපොලගම මිය 2005.08.31 2006.07.06
04 එම්.ඒ. වීරසිංහ මහතා 2006.07.07 2007.04.10
05 ඒ.ඒ.ජී. හුණුපොලගම මිය 2007.04.11 2008.03.11
06 ඩී.කේ. අනුර ප්‍රේමලාල් මහතා 2008.03.12 2012.09.20
07 ඩී.එල්.කේ. ප්‍රියවංශ මහතා 2012.09.21 2013.07.03
08 එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා 2013.07.04 2018.09.18
09 එම්.එම්. හෛරුන්නිශා මිය 2018.09.19  

News & Events

10
ජූලි2020
COVID-19 Information

COVID-19 Information

You Can Obtain Further Details From The...

Scroll To Top